පාසලේ ඉතිහාසය

Picsart_23-09-07_20-40-41-738.jpeg
Picsart_23-09-07_20-40-41-738.jpeg

 

හ/මණ්ඩාඩුව මහා විද්‍යාලයේ මුල් ඉතිහාසය පිළිබදව දැන ගැනීමට ප්‍රමාණවත් සාක්ෂියක් තවම සොයා ගැනීමට නොහැකි වී ඇත.එසේ නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ මෙම පාසල ආරම්භ වී ඇති බවට දැනට ලැබී ඇති ලිඛිත තොරතුරු හා වෙනත් තොරතුරු වලින් තහවුරු වී ඇත.ඒ අනුව 1897 පෙරේරාගේ ඉංග්‍රීසි සිංහල හා දෙමළ දින පොතට අනුව මෙම විදුහල1894 ට පෙර ආරම්භ කර ඇති බව හෙළි වේ.මෙම දින පොතෙහි 1894 මාර්තු 12 වන සදු දින තබන ලද සටහන අනුව පාසලට පොල් අතු අද්දවන ලද බවට සටහන් කරන ලදී එමගින් අපට හෙළිවන්නේ මෙම පාසල ස්ථාවර නොවූ තාවකාලික ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය බවකි. 

විසි වන සියවසේ මුල් භාගය වන විට මෙම පාසල ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති අතර 1918 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 160 දක්වා වර්ධනය වී ඇති බව ඊ.බී.ඩෙන්හැම් නැමැති ඉංග්‍රීසි ජාතික අධ්‍යක්ෂකවරයා තබා ඇති ලොග් සටහනකින් සනාථ වේ.                                                                                                                                                                                                                                                                                    

මෙහි තබා ඇති ලොග් සටහනට අනුව මේ කාලය වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබූ පාසල් සංඛ්‍යාව 27 ක් වූ අතර හ/මණ්ඩාඩුව මහ විදුහල ඉන් එක් පාසලක් බව සනාථ කරයි.ලිඛිත තොරතුරු වලට අනුව 1889 සිට 1923 දක්වා විදුහල පාලනය කළ විදුහල්පතිතුමාගේ නම සටහන් කර නැත.ඉන් පසු 1923.01.01. සිට 1924.03.09 දක්වා ඩබ්.යූ.ඒ. ද සිල්වා මයා විදුහල්පති ලෙස කටයුතු කර ඇති බව සදහන් වේ.විවිධ දුෂ්කරතා සහ බාධක මැද පැවති මෙම පාසල ඉපැරණි පාසලක් වුවද නිසි බලදරයන්ගේ අවධානය යොමු  නොවූ බැවින් මන්දගාමී ස්වරූපයක පැවත ඇත.

මෙතෙක් කල් පාසලේ පරිපාලනය සිදු කළ විදුහල්පතිවරුන්ගේ දක්ෂතාවය මත 2002.07.01.දින හ/මණ්ඩාඩුව කණිෂ්ඨ විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පරිවර්තනය විය.5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ පො ස ( සා/ පෙළ),  අ පො (උ/පෙළ) විභාග උසස් ලෙස සාමාර්ථයන් ලබා ඉහළ ප්‍රතිශතකයට පාසල ගෙන ඒමට සමත් විය.විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියකින් සමස්ත ලංකා මට්ටමට ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි විය.වර්තමානයේ දේශපාලන ක්‍ෂ්ත්‍රෙයේ මෙන්ම රාජ්‍ය සේවයේද ඉහළ නිලතල දරන පිරිස් රාශියක් මෙම විදුහලෙන් අධ්‍යාපනය ලැබූවෝ වෙති.

වර්තමානයේ පාසලට ප්‍රජාවගේ ඉල්ලුම විශාල ලෙස වැඩි වෙමිස්න් ජනප්‍රිය පාසලක් ලෙස පැවතීම පාසල් මාතාව ලැබූ ජයග්‍රහණයක් බව ප්‍රකාශ කළ හැකිය.

 

 

ආරම්භ කළ වර්ෂය

1894 මාර්තු 12 සදුදා

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

04

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හ/මණ්ඩාඩුව මහා විදුහල

පාසල භාරව කටයුතු කිරීම

ජී.වී. හල්පොල මහතා

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

හම්බන්තොට, වීරකැටිය නගරයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

ඕ.එල්.විමලපාල

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ආර්.එම්. විමලාවතී

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින